මෙරට සහ ආනයනික ටින් මාළු ගැන ප්‍රමිති ආයතනයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.
ප්‍රමිතිය සහතික කෙරෙන SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදිත සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් යොමුකරන ලෙසට පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනතාවට දැනුම් දෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් ටින් මාළුවල SLS ප්‍රමිති ලාංඡනය නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS සහතිකය නිකුත් කළ ටින් මාළු වෙළෙඳනාම සහ අදාළ නිෂ්පාදකයින් පිළිබඳව තොරතුරු පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත අඛණ්ඩව දැනුම්දෙන බවත් මේ වනවිට දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන 12කට අයත් වෙළෙඳ නාම 33ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නිකුත් කර ඇති බව එම ආයතනය නිවේදනය කරනවා.
මීට අමතරව ආනයනික ටින් මාළු ද දේශීය වෙළෙඳපොලේ පවතින අතර නිෂ්පාදිත රට, ලේබලයේ සඳහන් කර ඇති හෙයින් ආනයනික ටින් මාළු පහසුවෙන් හඳුනාගත හැකි බවත් ආනයනික ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවුන ද එම ආනයනික ටින් මාළු වරාය රේගු නිෂ්කාශනයට පෙර, නිසි ගුණාත්මක ප්‍රමිතිය යටතේ ඇත්දැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් විද්‍යාගාර පරීක්ෂාවකට යොමු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |