ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදුවුයේ කුමක්ද.. සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද පවත්වලා..

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබී ඇති බව සඳහන් ය.

මොකක්ද මේ වෙන්න යන්නේ.. යෝධ ග්‍රාහකයක් පෘථිවියේ අසලම.. ගැටීමේ අවදානමක්? ...

මොකක්ද මේ වෙන්න යන්නේ.. යෝධ ග්‍රාහකයක් පෘථිවියේ අසලම.. ගැටීමේ අවදානමක්? ...

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවද වාර්තා වේ.

සාකච්ඡාව පැවැත්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද එම නිවසේදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති රනිල් ජාවාරම්කරුවෙකුට පක්ෂව කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලලද?..වහාම CIDය විමර්ශනයක..

හිටපු ජනාධිපති රනිල් ජාවාරම්කරුවෙකුට පක්ෂව කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලලද?..වහාම CIDය විමර්ශනයක..

මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පලාත් පාලන සංසදය විසින් නව කාර්යාලයක් අද (28) දිනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු මෙම නව කාර්යාලයේ සිට සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

කාර්යාලය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.  

You may like this video