ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි !.

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි !. | A Special Announcement From Sri Lanka Cricket

ඒ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බව පවසමින් ය.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවයි.

ඒ අනුව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබා දී ඇත.

එමෙන්ම, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතව ඇත.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබා දී ඇත.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඒ අනුව, බෙදා දීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවයි.

කෙසේ වෙතත්, මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ට හිමිවීමට නියමිතයි.

"කාන්තාවන් ඇසුරු කළත් ක්‍රිකට් එක වුණා." - 96 ක්‍රිකට් කණ්ඩායමේ රහස් එළියට දැමූ අර්ජුන. - (VIDEO)

"කාන්තාවන් ඇසුරු කළත් ක්‍රිකට් එක වුණා." - 96 ක්‍රිකට් කණ්ඩායමේ රහස් එළියට දැමූ අර්ජුන. - (VIDEO)