විදුලි බිල් අලුත් කරයි – සංශෝධන තීරණය මෙම සතියේ

Report

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) පවසයි.

කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලි බල මණ්ඩලය (CEB) විසින් ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව, එනම් 18.3%ක ගාස්තු වැඩිවීමේ යෝජනාව පිළිබඳව මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවයි.

අවධානයෙන්! – කොවිඩ් ආසාදිතයන් 6,000ක් ඉක්මවයි

අවධානයෙන්! – කොවිඩ් ආසාදිතයන් 6,000ක් ඉක්මවයි

“ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජනතාවගෙන් ලිඛිත හා වාචිකව ලබාගත් අදහස් හා යෝජනා අධ්‍යයනය කිරීම මේ වන විට අවසන් අදියරේ තිබෙනවා. එමෙන්ම, යෝජනාව ගාස්තු ක්‍රමවේදයට අනුකූලද යන්න පිළිබඳව සමාලෝචනය ද අවසන් වෙමින් පවතිනවා. ඒ නිසා, මෙම සතිය තුළදී 2025 දෙවන අර්ධය සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු මොනවාද, ඒවා බලාත්මක වන්නේ කවදාද යන්න ඇතුළු අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉදිරිපත් කළ යෝජනාව හරහා රජය විසින් මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බව ඒකාබද්ධ විදුලි සේවක සංගමය චෝදනා කරයි.

හොරණේ බිහිසුණු අනතුරක් – CCTV එකෙන් දැක්ක දේ හිතන්නවත් බැහැ!

හොරණේ බිහිසුණු අනතුරක් – CCTV එකෙන් දැක්ක දේ හිතන්නවත් බැහැ!

සංගමයේ ලේකම් එල්.පී.කේ. කුමාමුල්ල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අවධාරණය කළේය. “විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය යනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවල තුළින්, රජය මෙම ආයතනය පෞද්ගලීකරණය කිරීමට යටින් යටින් සැලසුම් කරනවා. මෙය රටේ ජනතාවටත්, විදුලි බල මණ්ඩලයේ සේවකයන්ටත් බරපතළ ගැටලුවක් වනු ඇති,” යනුවෙන් ඔහු පැවසීය.

මාමුල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පෞද්ගලීකරණය හරහා විදුලි ගාස්තු තවදුරටත් ඉහළ යා හැකි බවත්, එය ජනතාවට අසාධාරණ බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය. “විදුලි බල මණ්ඩලය රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ පාලනය යටතේ පවත්වාගෙන යාම ජනතාවගේ ප්‍රයෝජනයට ඉතා වැදගත්. එහෙත්, රජයේ මෙම යෝජනාවලින් එම ආයතනයේ ස්වාධීනත්වය අහිමි වී යා හැකි බවට අපි අනතුරු අඟවනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..