හෙට අහසේ සිනහ මුහුණක්...පියවි ඇසින් දැකගන්නත් හැකියි...
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබෙනවා.
හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ,
ආචාර්ය ජනක අඩස්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බවයි.
"උදේ 5.30ට විතර නැගෙනහිර අහස දෙස බැලුවහම මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වීමට නියමිතයි. මේක ටිකක් විරල අවස්ථාවක්. මේ වගේ ළංවීමක් පියවි ඇහෙන් දකින එකත් දුර්ලභයි. නැගෙනහිර ක්ෂිතය පැහැදිලිව තියෙන තැනක මේක දර්ශනය වෙනවා."
අලුයම අහසේ මෙම දුර්ලභ ත්‍රිත්ව සංයෝගය දැක ගත හැකි වන්නේ අහසේ සිනහ මුසු මුහුණක හැඩ මවමිනි.
නාසා ආයතනයට අනුව, මෙම විශ්මයජනක දර්ශනය හිරු උදා වීමට ටික වේලාවකට පෙර නැඟෙනහිර ක්ෂිතිජය අසලින් මනස්කාන්ත දසුනක් වනු ඇත.
මෙහිදී තාරකා විද්‍යාත්මක ව ගත් කල, ග්‍රහලෝක හෝ වෙනත් ආකාශ වස්තූන් අහසේ එකිනෙකට සමීප ව පෙනෙන විට එය සංයෝගයක් ලෙස හැඳින්වේ. මෙහි දී සිකුරු ග්‍රහයා දීප්තිමත් ව ඉහළින් ද, සෙනසුරු ඊට පහළින් ද, කුඩා සඳ ඊට මඳක් උතුරට හා පහළින් ද පිහිටයි. මෙම තිදෙනා එක් ව සිනාසෙන මුහුණක හැඩය අහසේ මවනු ඇත.
නාසා නියෝජිත බ්‍රෙන්ඩා කල්බර්ට්සන් පවසන පරිදි, “සිහින්, කුඩා සඳ සිනහවක් මෙන් දිස් වෙනවා. දීප්තිමත් වස්තූන්ගේ ත්‍රිකෝණය සමහර අයට සිනහ මුසු මුහුණක් ලෙස පෙනෙන්නට පුළුවනි.”
ඒ නිසාම මෙම අපූරු දසුන නැරඹීම සඳහා අප්‍රේල් 25 වැනිදා අලුයම 5:30ට පමණ නැඟෙනහිර ක්ෂිතිජය දෙස බලන ලෙසත් පැහැදිලි අහසක් සහිත ව අවම ආලෝක දූෂණයක් ඇති ස්ථානයකින් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසු බවත් පියවි ඇසින් වුව ද මෙම ග්‍රහලෝක සහ සඳ පැහැදිලිව දැක ගත හැකි අතර, දුරදක්නයක් හෝ දුරේක්ෂයක් භාවිතයෙන් වඩාත් විස්තරාත්මක ව නැරඹිය හැකි බවත් වාසනාවන්ත නම්, මෙම සිනහවට පහළින් බුධ ග්‍රහයාගේ බොඳ වූ දර්ශනයක් ද ඔබට දැක ගැනීමට හැකි වනු ඇති බව සඳහන්.
