කොදෙව්වන් වසර 17කට පසු නවසීලන්තය පරදවයි
ඕක්ලන්ඩ්හිදී ඊයේ (05දා) පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකිව තිබේ.
නවසීලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 07 කින් ජයගන්නට කොදෙව් පිළට සමත්ව ඇත.
පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 164/ 6ක් රැස්කිරීමට සමත් විය.
ඉන්පසුව ඊට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 20 තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157/9ක් පමණකි.
මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය වන්නේ වසර 17කට පසු නවසීලන්තයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය වීමයි.