පොලිසියෙන් සහ හමුදාවෙන් දුම්රියට පනී.....

Police spokesman Railways Sinhala news
By Hashini Apr 24, 2025 03:36 AM GMT
Hashini

Hashini

Report

 ගනේමුල්ල පොලිසිය පවසන්නේ දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගමන් ගන්නා බවයි.

එවැනි පුදගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු 15 කු අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලිසිය කියා සිටිනවා.

පොලිසිය සඳහන් කර සිටියේ, එම සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සිටින බවයි.

කිසිදු සැකයක් ඇති නොවන පරිදි දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවත් ඊට අමතරව රාත්‍රී කාලයේදී විවිධ ප්‍රදේශවල අපරාධ සිදුකර දුම්රියෙන් ගමන් ගන්නා බවට ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතා ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ මහතාගේ මඟ පෙන්වීම මත දුම්රියෙන් පැමිණ ගනේමුල්ලේ ,යාගොඩ හා මුළුගහගොඩ දුම්රිය ස්ථානවලින් බැස යන පුද්ගලයන් ඉලක්ක කර ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඊයේ අලුයම් කාලයේ සහ සවස් කාලයේ එම දුම්රිය ස්ථානයන් ඉලක්ක කරගෙන වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 15 කු ගෙන් පිරිසක් හා ගනේමුල්ල පොලිසියේ නිලධාරීන් 20 සමන්විත පිරිසකගෙන් සමන්විතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇතැයි පැවසෙනවා.

ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

ReeCha