කෙහෙළියට එරෙහි එන්නත් නඩුව ගැන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීරණය මෙන්න

Report

රජයේ මුදල් වැයකරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇත.

කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (06) නියෝග කළේ නඩුවේ  එම   පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 26 වෙනිදා ආරම්භ කිරීමටයි.

එම නඩුව අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලක රත්නබණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

එම නඩුවේ දෙවැනි විත්තිකාර කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ඒකනායක මහතා, කරුණු දක්වමින් සිය සේවාදායකයාට අද දින උදෑසන නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විභාගයකට මුහුණ දීම සදහා යෑමට එම නඩුව අද මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අවසර ඉල්ලා තිබේ.

ඉන්පසුව එම ඉල්ලීම සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල අවසර ලබා දී ඇත.

ආණ්ඩුවේ නම්බුව වැනසූ මාලිමා මන්ත්‍රීනියට ඉල්ලා අස්වෙන්න වෙන ලකුණු

ආණ්ඩුවේ නම්බුව වැනසූ මාලිමා මන්ත්‍රීනියට ඉල්ලා අස්වෙන්න වෙන ලකුණු