''ලංකාවේ දුප්පත්කම තුරන් කරන්න ජාත්‍යන්තරයේ අත්දැකීම් අතිශය වැදගත් '' කම්කරු නියෝජ්‍ය ඇමති කියයි

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කරන්නේ මෙරට දුප්පත්කම තුරන් කිරීම සඳහා ජාත්‍යන්තරයේ අත්දැකීම් අතිශය වැදගත් වන බවයි.

දෝහා කටාර්හි පැවැත්වෙන සමාජ සංවර්ධනය සඳහා වූ දෙවන ලෝක සමුළුවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් එරට මාධ්‍ය වෙත සදහන් කර තිබේ.

තවද එහි සුවිශේෂීත්වය වන්නේ මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ වසර 30කට පමණ පසුව වීමයි. මංගල සැසිය පවත්වා ඇත්තේ 1995 වසරේදීය.

එම මංගල සැසිය සඳහා සහභාගී වෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ගිල්මෝ සහ අධ්‍යාපන විද්‍යා හා ප්‍රජා සංවර්ධන සඳහා වූ කටාර් පදනමේ සභාපති ශේකා මෝසා බින් නසර් මහත්මිය අදහස් දක්වා තිබේ.

අධ්‍යාපනය සියලු ජාතීන්ගේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන අතර අධ්‍යාපනය නමැති පාදම තුල ඇති සියලු බිඳීම් ප්‍රතිසංස්කරණය කරමින් කටයුතු කළ යුතු ජගත් මහලේකම්වරයා එහිදී සදහන් කර තිබේ.

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

තවද විද්‍යා හා ප්‍රජා සංවර්ධනය සඳහා වූ කටාර් පදනමේ සභාපති ශේකා මෝසා බින් නසර් මහත්මිය සදහන් කර ඇත්තේ අධ්‍යාපනය යනු සුඛෝපභෝගී දෙයක් හෝ පුද්ගලයෙකුට ලබා දෙන සහායක් හෝ නොවන අතර එය මිනිසුන්ගේ අයිතිවාසිකමක් වන බවයි.

ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ හා සමගාමිව පැවති 'දරිද්‍රතාවයෙන් මිදෙන මග' යන තේමාව යටතේවන වැඩසටහනක් සදහා සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකාව තුල 25%කට ආසන්න ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙලෙන බව ලෝක සමාජ සම්මේලනයේ ප්‍රධාන ඉලක්කයන් සදහන් කර තිබේ.

 එතුමා සදහන් කරන්නේ මෙරට දුප්පත්කම පිටු දැකීම සඳහා ලොව රටවල්වල අත්දැකීම්, අදහස් සහ යෝජනා උපකාර කළ හැකි බවයි.

ලෝක නායකයින් සහ ආණ්ඩු නියෝජිතයින් එක්ව දුප්පත්කම තුරන් කිරීම, සුනිත්‍ය රැකියා, සහ සමාජ ඒකාබද්ධතාවය තහවුරු කිරීම ආදී ලෝක සමාජ සම්මේලනයේ ප්‍රධාන ඉලක්කයන් ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම්ව ඇත.  

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්