පෙම්වතිය දවස් ගානක් කාතා නොකර අමනාප වූ නිසා පෙම්වතා වෙඩි තබාගෙන මිය යයි
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව මොණරාගල පොලිස් වසමේ මදුරු කැටිය හන්දිය අසල ප්‍රදේශයෙන් වාර්තා වේ. සවස පහට පමණ මෙම ප්‍රදේශයේ සිටි තරුණයෙකු වෙඩි තබාගෙන මිය ගොස් ඇති බවට වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස 21ක් පමණ වන ආර්.එම් හෂාන් ඉන්දික බණ්ඩාර නමැති තරුණයෙක් බව සඳහන්. ඔහු නිවස ඉදිරිපිට වැරැන්ඩාවේ බිම දිගාවේ බෙහෙත් කොටන තුවක්කුවක් පාදයේ රඳවා කොකා ගස්වාගෙන වෙඩි තබාගෙන ඇතිි බවට වැඩිදුරටත් වාර්තා වේ.
එමෙන්ම ඔහු මිය යාමට පෙර තමා වෙඩි තබාගෙන මිය යන බවට මවට සහ පියාට ලියූ ලිපියක්ද මේසය මත තිබී හමුවී ඇත. ඔහුගේ පසුම්බියේ තිබී පෙම්වතියගේ ඡායාරූපයක්ද හමුවී ඇති අතර ඇය දින කිහිපයක් දුරකථනයෙන් කථා නොකිරීම නිසා සිත් තැවුලට පත්ව මෙසේ වෙඩි තබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
එදින පෝය දිනය නිසා මව සිල් සමාදන්වීමට ගොස් ඇති අතර නිවසේ කිසිවෙකු සිට නැත.මියගිය අයගේ සීයා අසල වෙළෙඳ සැලකට මියගොස් සිටි අයුරු දැක ඇත.
ගොස් ඇති අතර ආපසු පැමිණි විටදී ඔහු මියගිය අයගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පක්ෂණය මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පසිඳු පරාක්‍රම බණ්ඩාර පත්මකුලසූරිය මහතා විසින් පවත්වන ලදි.මොනරාගල වැඩබලන මූලස්ථාන පො.ප ලසන්ත ජයසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.