මේ අයට පුරවැසිභාවයයි ඡන්ද අයිතිය දෙන්න - රාම්දෝස්ගෙන් ඉල්ලීමක්
දශක කිහිපයක සිට තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඡන්ද අයිතිය සහ පූර්ණ පුරවැසිභාවය ලබාදෙන ලෙස පට්ටලී මක්කල් කච්චි නිර්මාතෘ එස්. රාම්දෝස් විසින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික සරණාගයින් බොහෝ පිරිසක් ඉන්දියාවේ ඉපදී එහි හැදී වැඩී ඇති බවයි.
එසේම මෙරට සිවිල් යුද්ධයෙන් පසු ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික දමිළ ජනතාවක් නිවාස සහ ජීවනෝපායන් අහිමි වී තමිල්නාඩුවට සංක්‍රමණය වූ බවත් රාම්දෝස් ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ (05) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ,
"2009 යුද්ධය අවසන්වීමෙන් පසුව පවා දහස් ගණනක් මෙහි රැකවරණය පතා දිගටම රැඳී සිට ඇත.අද වනවිට ලක්ෂයකට ආසන්න දමිළ ජනතාව තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 116ක වාසය කරයි. දශක ගණනාවක් ඉන්දියාවේ ජීවත් වුවද එම සරණාගතයින්ට තවමත් නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවසර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. මෙහි ඉපදී අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාවට තවමත් මූලික අයිතිවාසිකම් අහිමිවී ඇත." "බොහෝ දෙනෙකු තම පාසල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. නමුත් නීති මගින් රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත." යනුවෙන්.