පුද්ගලයාගේ ආමාශයෙන් කුඩා භාණ්ඩ 60 ක් සොයා ගැනේ. (PHOTOS)

India
By Wayomi Sep 30, 2023 06:42 AM GMT
Wayomi

Wayomi

Report

පුද්ගලයකුගේ ආමාශයේ සිදු කළ සැත්කමකින් නිවෙසේ පරිහරණය කරන කුඩා භාණ්ඩ 60ක් සොයාගෙන තිබෙනවා.

මෙය වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර මේ සිදුවීමෙන් වෛද්‍යවරුන් පවා දැඩි කම්පනයට පත් වී බව සඳහන්.

එම භාණ්ඩ සොයාගෙන ඇත්තේ,උදරාබාධයකට රෝහල්ගත වූ කුල්දීප් සිං නමැති 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ආමාශයේ තිබී.

පුද්ගලයාගේ ආමාශයෙන් කුඩා භාණ්ඩ 60 ක් සොයා ගැනේ. (PHOTOS) | A Small Object Is Found In The Person S Stomach

ඒ, අනුව එහි බොත්තම්, ඉයර්ෆෝන්, දම්වැල්, විවිධ ඇට වර්ග, කුඩා ඇණ වර්ග සහ සිප් වාර්ග ඇතුළු කුඩා භාණ්ඩ 60කට වඩා තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු රෝහල්ගත වී ඇත්තේ උණ රෝගය වැලඳීම හා උදරාබාධය හේතුවෙන් බවත්, උදරයේ සිදු කළ එක්ස් කිරණ පරීක්ෂණයෙන් පසු ආමාශයේ තිබූ භාණ්ඩ දැකීමෙන් වෛද්‍යවරු තැතිගත් බවත් සඳහන්.

කෙසේ වෙතත විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම පුද්ගලයා මානසික රෝගියෙක් බවයි. 



GalleryGalleryGallery
ReeCha