දියේ ගිලී කුඩා දරුවෙක් අතුරුදන් වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 01, 2023 06:20 AM GMT
krishani

krishani

Report

හසලක - වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය 08 හැවිරිදි කුඩා දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

එසේ අතුරුදන් වී ඇත්තේ වේරගංතොට - බුලත්වැල්කඳුර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් ය.

අදාළ දරුවා සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පැවසීය.

අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හසලක පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha