කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

Report

කටාන - කටුවල්ලේගම ප්‍රදේශයේ පොල් වත්තක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වත්තේ මුරකරු විසින් පොල් වත්තට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදුණු පුද්ගලයාගේ වයස අවුරුදු 32ක් බව පොලීසිය පවසනවා.

එම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

මේ අතර, ගාල්ල - දඩල්ල ප්‍රදේශයේදී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්.. | A Shooting In Katana Area

අද පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථය ගාල්ල දෙස සිට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව යලි ගාල්ල දෙසටම ධාවනය කර ඇති බවටයි.

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ ත්‍රීරෝද රථයක් අසල රැඳී සිටි දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා. 

නොරොච්චෝලේ යථා තත්ත්වයට දින තුනක්...

නොරොච්චෝලේ යථා තත්ත්වයට දින තුනක්...

......................