කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් රත් කළ වෙඩිල්ල - නොහිතපු වෙලාවක එකපාරටම සිදු වුණ දෙය.. - ( CCTV VIDEO )

Report

අද (18) අලුයම 2.30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් රත් කළ වෙඩිල්ල - නොහිතපු වෙලාවක එකපාරටම සිදු වුණ දෙය.. - ( CCTV VIDEO ) | A Shooting At A Club In Kiribathgoda

එහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට වෙඩිතැබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත. 

මේ අතර, අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් සොයා "යුක්තිය" මෙහෙයුම ඊයේ (17) ක්‍රියාත්මක විය.

ඒ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස, තංගල්ල, කන්කසන්තුරය, වව්නියාව ඇතුළු පොලිස් කොට්ඨාස 45ක ය.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වන අතර ඒ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පත්වරුන් 9 දෙනෙකු යටතේ ය.

එහිදී ගත වූ පැය 24 කාලය තුළ සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

වැඩිදුර තොරතුරු පහතින්,

මෙරට කළ විශේෂ මෙහෙයුම - පැය 24ක් තුළ 2000කට වැඩි පිරිසක් වහාම අත්අඩංගුවට..

මෙරට කළ විශේෂ මෙහෙයුම - පැය 24ක් තුළ 2000කට වැඩි පිරිසක් වහාම අත්අඩංගුවට..