බලාපොරොත්තු අරන් අසල්වැසියා එයි
India
Economy of Sri Lanka
Wasantha Samarasinghe
Sinhala news
By Hashan
මෙරට පවතින ලුණු හිඟයට විසඳුමක් හැටියට ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියා.
අදාළ ලුණු තොගය අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බවයි සඳහන් වන්නේ .එම ප්‍රමාණය මෙට්ට්‍රික්ටොන් 3,050 කි.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්ට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්ට්‍රික්ටොන් 2800ක් ඊට අයත් බවයි.
මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාවය ලුණු මෙට්ට්‍රික්ටොන් එක්ලක්ෂ 80,000 ක් වන අතර මාසික ලුණු අවශ්‍යතාවය මෙට්ට්‍රික්ටොන් 15,000 කි .
