සොම්බි චිත්‍රපට වල තියන දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..
By Piyumika
ඇමරිකාවේ දකුණු කැරොලිනා හි පර්යේෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂණ සදහා රැගෙන ආ වඳුරන් 43 දෙනෙකු පැන ගොස් තිබෙනවා.
අදාළ මධ්‍යස්ථානයේ පාලකයාගේ අත්වැරදීමකින් එහි දොර විවෘතවී මෙම වඳුරන් පිරිස පළා ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඒඅනුව, එම වඳුරන් පිරිස සොයා ප්‍රදේශයේ ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව සදහන්.
කෙසේ වෙතත් ප්‍රාන්ත බලධාරීන් ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දී ඇත්තේ තමන්ගේ දොරජනෙල් ආරක්ෂිතව වසා තබන ලෙසයි.
එමෙන්ම, පැනගිය වඳුරන් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද කැරොලිනා ප්‍රාන්තයේ ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.