විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම නතර කිරීමක් ගැන කියයි..කමිටු සභාපතිගෙන් දැනුම්දීමක්..

Report

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවයි, එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසුවේ.

මෙරට කොරෝනා එන්නත ලබාගත් අයට මෙන්න විශේෂ පණිවුඩයක්..

මෙරට කොරෝනා එන්නත ලබාගත් අයට මෙන්න විශේෂ පණිවුඩයක්..


"විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ බිඳ වැටීම් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වේවි.

ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමේ පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් වගකීම සම්පුර්ණයෙන්ම රජයේ බලධාරීන් දැරිය යුතුයි.

මෙවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ, මේ රජයේ ක්‍රියාකලාපය නිසයි.

තවදුරටත් පාලනාධිකාරීය මඟහරිනවා නම් අපි ස්වෙච්ඡාවෙන් විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන සංවේදී කටයුතු ගැනත් නැවත හිතන්න."

ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමුකර සේවයට පැමිණෙන ලෙස සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

මෙරට භාවිතා කරන එන්නත් වර්ග 08ක් ගැන රතු එළියක්..

මෙරට භාවිතා කරන එන්නත් වර්ග 08ක් ගැන රතු එළියක්..


මේ අතර සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ තෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පරිපාලන ග්‍රාම නිලධාරීන් අද එක්වීමට නියමිතව තිබේ.