ගසක අත්තක් කඩා වැටීමෙන් තවත් පාසල් සිසුවෙක් මරුට..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීමක්..

Sri Lanka Police Accident Death Education
By Aruna Feb 06, 2024 07:36 AM GMT
Aruna

Aruna

Report

කපමින් තිබූ ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන තවත් අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

නොර්වුඩ් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පාසල් සිසුවා මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ඔහු නාවලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වන පාසල් සිසුවෙක් බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගයේ ගස කපමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha