පාර අයිනේ තිබූ හක්ක පටස් එකකට පාසල් සිසුවෙක් කළ දෙයකින් පුපුරා යයි - බරපතළ තුවාල ලැබූ සිසුවා වහාම රෝහල්ගත කරයි.. විමර්ශනවල දී හෙළි වූ දේ..
මහනුවර අලදෙණිය ප්‍රදේශයේ දී හක්ක පටස් එකක් පිපිරීමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඒ හේතුවෙන් අදාළ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
මෙලෙස බරපතළ තුවාල සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පදිංචි 15හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙක් ය.
ඔහු පසුගියදා පාසල නිම වී නිවසට යමින් සිටිය දී මාර්ගය අසළ තිබූ බෝලයක් වැනි යමක් දැක එයට පයින් ගසා තිබෙනවා.
එම මොහොතේ දී එය එක්වරම පුපුරා ගොස් ඇත.
එහිදී එම හක්ක පටස් එක පිපිරීයාම හේතුවෙන් සිසුවාගේ පාදයට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ පොලීසිය විසින් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු හක්ක පටස් 9ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක සහ 27ක තරුණයින් දෙදෙනෙක් ය.
එම දෙදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව අනාවරණය වී ඇත.
ඔවුන් රතිඤ්ඤා කරල් වලින් ඉවත් කරන ලද වෙඩි බෙහෙත් උපයෝගි කර ගනිමින් ඉවත ලන කුකුළු මස් කොටස් මිශ්‍ර කර බෝලයක් ලෙස එම හක්ක පටස් සකස් කර තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ ඌරන් ගැවසෙන ස්ථානවලට තැබීම සඳහා ඔවුන් මෙලෙස හක්ක පටස් සකස්කරන බවයි.
පොලිසිය සැක කරන්නේ එලෙස තැබූ හක්ක පටස් එකක් අධික වර්ෂාවත් සමග ගසාගෙන ගොස් මාර්ගය අසල රැඳී තිබෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
