සිසුවියක් පාසලේ බිත්ති දෙකක් අතර සිරවෙයි. ඇය බේරාගත් භයානක මෙහෙයුම... වීඩියෝ සහිතයි.. (VIDEO)

Kalutara Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Aug 14, 2023 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසලක බිත්ති දෙකක් අතර සිරවී සිටි හත් හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්වුණා.

අනාවරණය වී ඇත්තේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස එම විදුහලේ වැසිකිළියක බිත්තියක් සහ තාප්පයක් අතර සිරවී ඇති බවයි.

ගිනිනිවන ඒකකය එහිදී උපකරණයක් යොදාගනිමින් තාප්පයට සහ වැසිකිළි පද්ධතියේ බිත්තියට තෙරපුමක් ලබාදී සිසුවිය බේරාගැනීමට සමත්ව තිබුණා. සිසුවිය එලෙස සිරවුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ඇය බේරාගත් මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න. පාසලක බිත්ති දෙකක් අතර සිරවූ සිසුවිය බේරාගත් මෙහෙයුම...


ReeCha