මේ වගේ දෙයක් නම් හිතාගන්නවත් පුළුවන් ද?. බිස්කට් එකක් දීලා කරපු කැත වැඩේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Mar 09, 2024 02:30 PM GMT
krishani

krishani

Report

මඩකලපුව තිරුක්කෝවිල් සිට වව්නියාව බලා ධාවනය වූ බස් රියක ගමන්ගත් මගියෙකුගේ මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

මේ වගේ දෙයක් නම් හිතාගන්නවත් පුළුවන් ද?. බිස්කට් එකක් දීලා කරපු කැත වැඩේ.. | A Robbery Of A Bus Headed For Vavuniya

ඒ ඔහුගේ අසුන ළඟ සිටි පුද්ගලයකු විසින් බිස්කට් එකක් කෑමට දී සිහි නැතිකර ඔහු ළඟ තිබූ රුපියල් ලක්‍ෂ හයක මුදලක් රැගෙන ගොස් ඇති බවයි.

ඒ බව මඩකලපුව පොලිසිය සඳහන් කළේ ය.

මෙම මුදල අහිමි වූ මගියා පවසා ඇත්තේ තමා ළඟ වාඩි වී සිටි පුද්ගලයා තමා සමග මිත්‍ර වී ඇති බවයි.

ඉන් පසුව කතාබස් කරමින් සිටිය දී ඔහු කෑමට බිස්කට් ලබා දී ඇති අතර පසුව තමාට සිදුවූ දේ තමා නොදන්නා බව ඔහු පවසා තිබෙනවා.

පසුව සිහිය ලැබී බලන විට මුදල් බෑගය අතුරුදන් වී තිබූ බව ද ඔහු පොලීසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මඩකලපුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

ReeCha