කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම සංවිධානාත්මක කල්ලියක් කොල්ල කාලා..

By Piyumika Jul 13, 2024 02:11 AM GMT
Report

යාපනයේ ඌර්කාවතුරේ ශ්‍රී විනයාගර් කෝවිලේ තැන්පත් කොට තිබූ ලක්ෂ 90ක් වටිනා රන් පවුම් 64ක් සමග රුපියල් ලක්ෂ 8ක මුදලක් සොරාගෙන තිබෙන බවට වාර්තා වී තිබේ .

රූප සුන්දරියන්ට අභියෝගයක් වෙයිද?..මෙන්න ලොව ප්‍රථම මිස් Ai..(VIDEO/PHOTO)

රූප සුන්දරියන්ට අභියෝගයක් වෙයිද?..මෙන්න ලොව ප්‍රථම මිස් Ai..(VIDEO/PHOTO)

කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම බැංකුවේ තැන්පත් කරන තුරු කෝවිලේ තබා තිබියදී මෙසේ කොල්ල කා තිබෙන බව පැවසේ .

මේ සම්බන්ධයෙන් ඌර්කාවතුර පොලීසියට ඊයේ (11) පැමිණිල්ලක් සිදුකොට ඇත .

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

එලෙස කෙලෙස...ජංගම දුරකතනයෙන් විඩීයෝ කරල යූටියුබ් එකටත් දාලා..

කෝවිලේ අගුලු දමා තිබූ දොරවල් තුනටම සමාන යතුරු කපා සංවිධානාත්මක ලෙස කොල්ලය සිදුකර ඇති බවට කෝවිල බාරකාර පූසාරීවරයා පොලීසියට පවසා තිබුණි .

මේ සම්බන්ධයෙන් ඌර්කාවතුර පොලීසිය විමර්ශන අරඹා තිබෙන අතර කෝවිල අවට නිවාස හා වෙලඳසැල්වල සී.සී.ටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කරමින් සිටින බව පවසයි .