මරු කපොල්ලක් නිසා මාර්ගයක් දැඩි අවධානමක - ජීවිත බිල්ලක් අතළඟ.
පාදුක්ක බෝපේ හරහා අවිස්සාවේල්ල මාර්ගයේ, තුම්මෝදර පොල්වත්ත ප්රදේශයේ පාලමක් අසල මාර්ගයේ එක් ඉවුරක් ඔයට සේදී යෑම නිසා, මේ වන විට එම ස්ථානය දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇතැයි ප්රදේශවාසීන් පවසනවා.
මීට මාස 06 කට පමණ පෙර ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජලාශ වලින් ආරම්භ වන මෙම ඔය පිටාර ගැලීම නිසා ඇති වූ අධික සැඩ පහරට මාර්ගයේ පහළ ඉවුර සෝදා ගොස් තිබෙනවා.
ජනප්රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.
ඉන්පසු අදාල අංශ විසින් එම ආනාරක්ෂිත ස්ථානය බැරල් කීපයක් තබා ආවරණය කර ඇතත්, එම බැරල්ද මේ වනවිට දිරාපත් වෙමින් පවතින බව ගම්වැසියන් පවසනවා.
මෙම මාර්ගයේ පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය කෙරෙන අතර, මීට අමතරව ප්රදේශයේ ජනතාවද මෙම මාර්ගයේ රථවාහන වලින් දිවා රාත්රි දෙකෙහිම ගමන් කරනවා .
මාර්ගයේ ඉවුර මෙලෙස සේදී යෑම නිසා, මේ වන විට එම ස්ථානයේ ගැඹුරු වළක් සෑදී ඇති බවත්, මෙලෙස දීර්ඝ කාලයක් මාර්ගයේ අනාරක්ෂිත ස්ථානයෙන් රථවාහන ධාවනය කිරීම හේතුවෙන් එම ස්ථානයේ මාර්ගයද ඉරිතලා ගොස් තවත් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ගම්වාසීන් පවසනවා.
එම නිසා මාර්ගයේ ඉවුර සේදී ගොස් ඇති ස්ථානයට කළු ගල් කුට්ටි දමා හෝ, එම ස්ථානය යථා තත්ත්වයට පත්කර දෙන මෙන් ප්රදේශවාසීහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%