බියුටි සැලෝන් යන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Police spokesman Sri Lanka Police Ministry Of Public Security Beauty
By Aruna Apr 09, 2024 07:28 AM GMT
Aruna

Aruna

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත් රූපලාව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි,පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී තහවුරු කරගත් තොරතුරු අනුව විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.

මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.