තවත් රෝගයක් ගැන හෙළිදරව්වක්

Report

 මෙම රෝගය බොහෝ කල් පටන් මනුෂ්‍යයා සමගම තිබූ රෝගයක් බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ ‍රජාව වෛද්‍ය විශේෂඥ විජේසේකර මහත්මිය සදහන් කර ඇත.

ලාදුරු රෝගය පැතිරීමක් සිද්ධ වෙන්නේ නැත ඒ වගේම ලාදුරු රෝගය නිසා මරණ සිදු වී නොමැත.

නමුත් මෙම රෝගය නිසා රෝගීන් සමාජයෙන් කොන්වීම සිදුව තිබෙන බව සදහන් වේ.

ඒ වගේම සොයාගෙන ඇත්තේ මෙම රෝගය බොහෝවිට වැළදෙන්නේ වයස වයස අවුරුදු පහළොවට අඩු දරුවන් හට බවයි .

ඒ වගේම මෙම රෝගය විශේෂයෙන් ම පිරිමින්ට වැළදීමේ ප්‍රවණතාවය වැඩිය .

මෙම රෝග පාලනය සඳහා අනිවාර්යයෙන්ම ඖෂධ සඳහා යොමු විය යුතුය .

තවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය චතුරාර්ය සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ මෙම රෝගය බැක්ටීරියාවකින් හටගන්නා රෝගයක් බවයි .

තවද ඔහු සදහන් කරන්නේ ලාදුරු රෝගය සැම කෙනෙක්ටම ඇති නොවන්නක් බවයි. ඒ

සදහා හේතුව වනුයේ සැම කෙනාගේම ශරීරයේ මෙම රෝග බීජ පාලනය ඇති බැවින් මෙයා බොහෝ අයට සීග්‍රයෙන් පැතිරෙන ප්‍රමාණය අඩු බවයි .

එය වළක්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ප්‍රධාන හේතුව රෝගීන් රෝහල් කරා නොපැමිණීම බව සදහන් වේ .

විශේෂයෙන් මෙම රෝගය වැළඳු කෙනෙක් අනෙකාට මෙය නොදිය යුතුය.

මෙම රෝගය පිළිබද දැනුවත් කිරීම සදහා සිකුරාදා මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් පාගමනක් ඇරඹීමට නියමිතය.