රට පුරා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් එළියට එයි..මිලත් අඩු වෙයි..?

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranjith Siyambalapitiya Bar Association of Sri Lanka Businessman
By Aruna May 09, 2024 12:57 PM GMT
Aruna

Aruna

Report

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය සියයට 19කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ අනාවරණයක් සිදු කරනවා.

අද (09) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට පිළිතුරු දෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අනුව, වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි, අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

තවද 2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති බවයි පැවසෙන්නේ.

එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබීම ද විශේෂත්වයක්.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ, බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයක් වීම ද විශේෂත්වයක් වනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවයි.

මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන් 147ක් ම සංචාරක කර්මානය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක්.

අමාත්‍යවරයා සඳහන් කළේ, නිත්‍යනුකූල මධ්‍යසාරසැල් ඇති වීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුව ද සිදු වන්නේ නීත්‍යානුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බවයි.

රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි.