රජයෙන් ජනතාවට ලැබෙන අලුත් සහන පැකේජය - රාජ්‍ය සේවකයින්ටත් සුබයි.. අඩූ ආදායම්ලාභී පවුල් සඳහාත් සහනාධාර මුදලක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani May 15, 2023 08:39 AM GMT
krishani

krishani

Report

ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඒ මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හයක කාලය සඳහා ය.

පසුගිය සෙනසුරාදා (13) ඇහැලියගොඩ ප්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැතී රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඉතිරි ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවට ආර්ථික වාසි රැසක් ලබා දෙන බවත්, විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරන බවත් ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී ඉදිරියේ දී අවම කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බවත් එක් පවුළකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර ඇති බවත් ගෑස් මිල ගණන් තවදුරටත් අඩු වන බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

මේ අතර, රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබා දීමට රජය තීරණය කර ඇති අතර බදු සහන ලබා දෙන මෙන් ඉල්ලා කෑ ගැසීමට අවශ්‍ය නොවන බවත් රජයක් ලෙස ඉදිරියේ දී එම සහන ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join