රුපියල් 2000ට කොවිඩ් එන්නත් අලෙවිකරණ ජාවාරමක්
ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන කණ්ඩායම් ද සමඟ ඊයේ සවස ලුනාව රෝහලේ සිදුකළ හදිසි පරීක්ෂාවක දී කෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා යොදා ගන්නා සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් රුපියල් 2000.00 බැගින් වූ මුදලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පනස් හැවිරිදි අදාල පුද්ගලයා ලුනාව රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු බවටයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එන්නත් කාඩ්පත් සැකසීම සඳහා යම් යම් පුද්ගලයින් ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව පොලිසිය වෙත භාර දුන් අතර ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය හා එක් ව ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.
එමෙන්ම, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ දින (13) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය දින 05 තුළදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 24,150 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කල බවයි ඔවුන් නිවේදනය කළේ.
තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකෙරෙන මෙම එන්නත්කරණ වැඩසටහන 2021 අගෝස්තු 14 සහ 15 යන දිනයන්හිදී ද කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |