ලංකාවේ සිදුවන මරණ අතරින් හතරෙන් එකක් මාර්ග අනතුරු.

Police spokesman Sri Lanka Accident Death
By Hashini Sep 12, 2023 06:35 AM GMT
Hashini

Hashini

Report

මෙරට තුළ සිදුවන මරණ අතුරින් හතරෙන් එකක් සිදුවන්නේ මාර්ගයේ සිදුවන වැරදි හේතුවෙන් බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අනතුරු වැඩිම සංඛ්‍යාවක් සිදුවන්නේ යතුරුපැදි හේතුවෙන් බවයි.

ලංකාවේ සිදුවන මරණ අතරින් හතරෙන් එකක් මාර්ග අනතුරු. | A Quarter Of Deaths Are Road Accidents

ශ්‍රී ලංකාවේ වර්ෂයකට 12,000ක් පමණ මියයනවා.

මෙයින් හතරෙන් එකක් එනම් 3,000ක් පමණ මියයන්නේ, මාර්ගයේ සිදුවන වැරදි නිසා.

ඒක ගණන් බැලුවොත් දිනකට 7 දෙනෙක් 8 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා.

දැනට ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන මුලස්ථානයේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව මේ 2023 වර්ෂයේ දී ජනවාරි 1 වනදා සිට අගෝස්තු 31 දක්වා මාරක රිය අනතුරු 1,427කින් පුද්ගලයින් 1,500ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ මාර්ග රිය අනතුරුවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විශේෂයෙන්ම මියයන්නේ යතුරුපැදි අනතුරුවලින්.

යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්.

එතකොට 2023 වර්ෂයේ දී ජනවාරි සිට අගෝස්තු 31 වනතුරු රිය අනතුරු 612කින් යතුරුපැදිකරුවන් 630ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපට අනතුරු අවම කරගැනීමට පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙනවා 2030 වන විට 50%ක අඩු කරන්න.

50% කෙසේවෙතත් දිනකට 7ක් මියයන එක 4කට අඩුකර ගත්තොත් අපිට ලොකු ජයග්‍රහණයක්.

ලංකාවේ සිදුවන මරණ අතරින් හතරෙන් එකක් මාර්ග අනතුරු. | A Quarter Of Deaths Are Road Accidents

ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී රියදුරන් 94 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. 

ReeCha