අද පාර්ලිමේන්තුව අසල පොලිසිය සහ විරෝධතාකරුවන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක්... (VIDEO)

By krishani May 04, 2022 07:43 AM GMT
Report

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ සාමකාමී විරෝධතාවයක නිරත වූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආණ්ඩුවට එරෙහිව සාමකාමී විරෝධතාවක් අද(04) පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලදී පැවැත්විය. 

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ගෙන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බස් රථයකින් ප්‍රවාහනය කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.

පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර බස් රථය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වූ අතර ඒ ඔවුන් අත්අඩංගුවට ගන්නා ආකාරය සහ ඔවුන් සමඟ යන නිලධාරීන් විරෝධතාකරුවන්ට රූගත කිරීම තහනම් කිරීමට උත්සාහ කිරීමත් සමග ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join