දියවුණු ලුණු - නැවතුණු ලාභය

India Sinhala news NPP Government SriLanka News - Gagana
By Hashini Jun 29, 2025 02:54 AM GMT
Hashini

Hashini

Report

ඉන්දියාවෙන් ලුණු කිලෝවක් ආනයනය කිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල් 75 කට වඩා අඩු මුදලක් වූවත්, ලුණු කිලෝවක් රුපියල් 100 කට වැඩි ලාභයක් සහිතව අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වනවා.

මෙරට ලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ලුණු ආනයනය කිරීම සඳහා රජය පසුගියදා තීරණය කිරීමත් සමඟම පෞද්ගලික අංශයද මහා පරිමාණයෙන් ලුණු ආනයනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කර ඇති අතර එම ලුණු තොග කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 74.75 කටය.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසන්නේ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ලුණු මිල දී ගත් මිල ජනතාවගෙන් වසංකර තිබෙන බවය.

මේ අතර, ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව,

කැට ලුණු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 180 කි.

ලුණු කුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 කි.

ලුණු කුඩු ග්‍රෑම් 400 ක උපරිම සිල්ලර මිල රුපියල් 120 කි.

කෙසේ නමුත්, මේ වනවිට වෙළෙඳපොළේ ලුණු කැට කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටත්, ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 150 කටත් අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

ReeCha