ජාතික ලැයිස්තුවෙන් ටින්වින් පාර්ලිමේන්තුවට ?
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියආරච්චි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගයට හිමි එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට පිවිසියා.
සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර ගියේ මෙම පුරප්පාඩුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වනු ඇති බවටය.
කෙසේ වෙතත්, එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන් කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් නොවන බවයි.
මෙම පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඉතිරිව සිටින අපේක්ෂකයින් අතරින් අයෙකු පත් කිරීමට නියමිත බවයි දැනට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන්නේ.