ධවල මන්දිරයෙන් ප්‍රබල හෙළිදරව්වක් - ලෝක යුද්ධයක ආරම්භයක් ද?.

Russo-Ukrainian War United States of America Ukraine Russia
By krishani Jul 21, 2023 12:38 PM GMT
krishani

krishani

Report

අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව භාවිතා කිරිමට ලබාදුන් පොකුරු බෝම්බ මෙහෙයුම් සඳහා යුක්රේනය යොදාගැනීම ආරම්භ කර ඇති බව  ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර තිබෙනවා.

එය කාර්යක්ෂමව යොදාගැනීමට යුක්‍රේනයට හැකි වී ඇති බවත් එය රුසියානු හමුදා සඳහා බලපෑමක් ඇති කරන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.

පොකුරු බෝම්බ යනු දශක ගණනාවක් තිස්සේ විනාශකාරී ප්‍රතිඵල ගෙනදිය හැකි වූවකී.එමෙන්ම ලොව පුරා රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙය තහනම් කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් සිය මිත්‍ර රාජ්‍යයන් විරුද්ධ වූ බව අදහස් දක්වමින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටි අතර රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කළහොත් එයට ප්‍රතිචාර දක්වන බව රුසියානු නායක ව්ලැද්මීර් පුටින් පැවසීය.

ReeCha