හෙරොයින් සමඟ පොලිස් නිලධාරියෙක් කොටුවෙයි.
By Wayomi
ඊයේ (10) ගල්කිස්ස බඩෝවිට 03 වන අදියරේදි හෙරොයින් ළග තබා ගෙන සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රැමි 40 ක් සොයාගත් බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ.
අදාළ සැකකරු ගනේමුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටින ජඹුරලිය මඩපාත පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් වනවා.
ගල්කිස්ස දුෂණ මර්ධන අංශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත මහතා ඇතුලු නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී මෙම පොලිස් නිලධාරියා හෙරොයින් සමඟ මෙලෙස අත්අඩංගුවට ගැනුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |