සෝදුපත් පවා නොබැලූ පොත් පෙන්නලා තමයි දුබලයෝ මාලිමාවට මඩ ගහන්නේ - දේවානන්ද
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා විසින් වර්තමාන රජයට සහ ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද පතුරුවන පාපිෂ්ඨ කල්ලියක් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ පළ ඇති රුකටයි ගල් ගසන කියමනට අනුව ආණ්ඩුවට එරෙහිව විවිධ මඩ ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි.
එසේ වුවත් සමාජය තුළ මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළහොත්, ජනතාව තවමත් වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව සියයට පන්සියයක් විශ්වාස බව ද ඔහු අවධාරණය කර සිටියි.
එසේම ඔහු සෝදුපත් පවා නොබැලූ පොත් පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රජයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන් දුබල මිනිසුන් ලෙස සඳහන් කළා.
පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා ඒක නැහැ කියන්න බැහැ - මොඩියුල ගැන කියන්න අගමැතිනිය මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී