ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් - හේතුව මෙන්න
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා ඇත.
එහිදී පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එබැවින් එම ගැටලුවලට සාධනීය විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු වූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
ඊට අමතරව මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව සඳහන්.
හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක් - ප්‍රශ්නේ ලින්ක් එක නම් ඒක අයින් කරලා මොඩියුලය ගමු - මහින්ද
[