අනේ දෙයියනේ මාලු බලන්න ගිය මල් කැකුළට වුණ අපරාධයක්
නිවෙසේ ළිඳට වැටී තුන් හැවිරිදි දරුවෙකු මියගොස් ඇතැයි පයාගල පොලිසිය වාර්තා කර ඇත. ඊයේ (07) සවස 4.30 ට පමණ මෙම දරුවා සෙල්ලම් කරමින් සිටින බව මව විසින් දැක ඇති අතර පසුව දරුවා පෙනෙන්නට නොසිටීම නිසා සොයා බලා තිබූ අතර පසුව, අසල්වාසීන් ද සමඟ සොයා බැලීමේදී රාත්‍රි 8.00 ට පමණ දරුවා නිවෙස පිටුපස ළිඳ තුළ සිටින බව දැක ඇති බවට කරුණු හෙළිවිය.
අඩි තුනක් පමණ උසට බැඳ ඇති මෙම ළිඳ නිවැසියන් ජලය ගැනීමට භාවිතා කරන අතර දරුවා එහි සිටින මාළුන් බැලීමට ගොස් ලිස්සා ළිඳට වැටී ඇති බවට පොලිසිය සැක පල කරන අතර ළිදෙන් ගොඩ ගත් දරුවා බේරුවල රෝහලට රැගෙන ගොස් තිබේ.
කළුතර, නාගොඩ රෝහලේ දී අද (08) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, එහිදී මෙම මරණය දියේ ගිලීමෙන් හුස්ම ගැනීමට සිදු වූ අපහසුතාවය මත සිදු වූ මරණයක් බවට මග්ගොන හදිසි මරණ පරීක්ෂක නෂ්රීන් නිගමනය කර තිබූ අතර මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් රිස්වාන් අයාන් නමැති අක්කරමලේ, මග්ගොන පදිංචි දරුවෙක්ය.
පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකරගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත, පොලිස් සැරයන් ජයසේකර යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේය.