අද ඉඳන් බයවෙන්න දෙයක් නෑ - මේ බස්වල යන මඟීන්ට සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) දින පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු කර ඇත.

එය පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක්.

එසේම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ අඳාළ වැඩසටහන, එම ආයතනයේ ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් උපයෝගී කරගනිමින් සිදු කර ඇති බව සඳහන්.

විනාඩි 3කින් රජය කරන්න යන දේ - අද ඉඳන් නම් වාහන පදිද්දි මේවා කරන්න හිතන්නවත් එපා

විනාඩි 3කින් රජය කරන්න යන දේ - අද ඉඳන් නම් වාහන පදිද්දි මේවා කරන්න හිතන්නවත් එපා

එමෙන්ම මෙහිදී මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ මුත්‍රා සාම්පල ලබාගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කළ අතර විනාඩි 10 වැනි කෙටි කාලයක් තුළ දී අදාළ පරීක්ෂණයේ ප්‍රථිපල ලබාදීම ද සිදු විය.

මේ අතර මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී, කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පවසා සිටියේ,

"මෙම වැඩසහන ක්‍රියාත්මක කිරීමේ මූලිකම අරමුණ වන්නේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමයි. එමඟින් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කිරීමට හැකිවීම ඉතාමත් වැදගත් අද දිනයේ මට්ටක්කුලිය ඩිපෝවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් රියදුරන්ගේ මුත්‍රා සාම්පල ලබාගෙන, ඔවුන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කරනවා. අද දිනයේදී මත්ද්‍රව්‍ය 04ක් පරීක්ෂා කිරීමට හැකි පරීක්ෂණ කට්ටල අපි රැගෙනවිත් තිබෙනවා. එමඟින් ගංජා, අයිස්, බාබුල් සහ හෙරෝයින් යන මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කළ හැකි වෙනවා. ඉදිරියේදී මෙම ක්‍රියාවලිය දීපව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොතතු වනවා" යනුවෙන්.

තවද ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම පරීක්ෂාව ලංගමයෙන් ආරම්භ කිරීම ඉතාමත් වැදගත් වන අතර මෙය ආදර්ශයක් බවට පත් කර ගනිමින් මෙම සැලැස්ම ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවයි.  

රියදුරන්ට එරෙහිව අද සිට ක්‍රියාත්මක වෙන එන නව නීතිය මෙන්න

රියදුරන්ට එරෙහිව අද සිට ක්‍රියාත්මක වෙන එන නව නීතිය මෙන්න

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට