සියල්ලන්ට ඇහැට කඳුලක් එක් කරමින්, මිය ගිය තරුණ පොලිස් කොස්තාපල්වරිය ටෙඩිබෙයා ද සමගින් මිහිදන් වෙයි.. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Accident Death
By krishani Oct 13, 2023 06:05 PM GMT
krishani

krishani

Report

පසුගිය 11 වැනි දින ගලේවෙල, දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදු විය.

එම අනතුරින් පොලිස් කොස්තාපල්වරියක් මිය ගියේ ය.

ඇයගේ අවසන් කටයුතු ඊයේ (13) සිදු කෙරිණ.

එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරිය, දඹුල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව වාර්තා විය.

25 හැවිරිදි ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරියක් වේ.

ඇය වඩාත් ආදරය කළ 'ටෙඩිබෙයා' ඇයගේ දේහය තැන්පත් කළ පෙට්ටිය මත තබා තිබුණේ ය.

එමෙන්ම ඇයගේ දේහය භූමදානය කරන විට ද ටෙඩිබෙයා සමඟ භූමදානය කළ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කෙරිණ.

GalleryGalleryGallery
ReeCha