පෑලියගොඩින් ‘පද්මේ’ සඟවා තිබූ පිස්තෝලයක් හමුවෙයි
පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ.
මෙහිදී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද සොයාගැනීමට පොලීසියට හැකි වී ඇත.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මේ වන විට මෙරටට රැගෙන එගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියි.