මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පතට පෙත්සමක්.

Sri Lanka Politician Sri Lanka Supreme Court of Sri Lanka Sri Lanka Social Media Samagi Jana Balawegaya
By Hashini Oct 04, 2023 10:50 AM GMT
Hashini

Hashini

Report

මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගය සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව එක්වයි.

අදාළ පනත මඟින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පත් කිරීම, එහි සාමාජිකයින් පත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල තුළ තවදුරටත් විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට පෙළඹීම, අදාළ කොමිසමට අධිකරණයෙන් බැහැරව විමර්ශනය කිරීම, දඩුවම් කිරීමට ඇති බලතල ආදී ජනතාව සතු මූලික අයිතීන් මේ තුළ උල්ලංඝනය වන පෙත්සම්කරුවන් දක්වනවා.

එසේම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ මහජන මත විචාරණයකට යටත්ව සම්මත විය යුතු බවයි.

පෙත්සම අද(04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂ විධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජි. එල්. පීරිස් යන අය සමඟින් වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා යන අය පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. 

ReeCha