පිරිමින්ට විතරක් පුලූවන් නිසා කාන්තාවන්ගෙන් පෙත්සමක් මෙන්න විස්තරේ

Report

නව රජය බලයට පත්වීමත් සමගම පුරප්පාඩු පවතින රජයේ ආයතන රැසක පුරප්පාඩු පිරවීමට තීරණය කර තිබේ. ඒ අනුව නිකුත් කෙරූ ගැසට් නිවේදනයක තිබූ පරස්පර විරෝධී තත්වයක් පිළිබදව කාන්තාවන් දෙදෙනෙකු පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ. ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසිනි. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වනදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළේය.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බව අවධාරණය කළේය.