මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.
Police spokesman
Sri Lanka
Money
By Hashini
විදෙස් රැකියා ලබා දෙන බවට පවසා රුපියල් 137,000ක් මුදලක් වංචා කළ පුද්ගලයෙක් නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ (28) කඩුගන්නාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
51 හැවිරිදි සැකකරු මීරන්දෙනිය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිදු කරන ලද විමර්ශනවලදී ඔහුට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු 13ක් විභාග වන බවද අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
