ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලකු අත්අඩංගුවට.

Sri Lanka Money
By Hashini Sep 30, 2023 06:51 AM GMT
Hashini

Hashini

Report

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 ක මුදල් නෝට්ටු සංසරණය වන බවට ලද තොරතුරක් මතයි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටු 02ක් සොයා ගෙන තිබෙනවා.

 සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු වනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයාව ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. 

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලකු අත්අඩංගුවට. | A Person Was Arrested With Fake Currency Notes

ReeCha