බිරිඳත් එක්ක තරහට පොලිසියක් ලඟ දී සැමියෙක් වස බීලා.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
බිරිඳ සමග ඇති කරගත් ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු පුපුරැස්ස පොලිසිය අසල දී වස පානය කර ඇත.
බිරිඳ අවස්ථා කිහිපයක දී ආරවුල් හේතුවෙන් සිය සැමියා සමග ජීවත් වීමට නොහැකි බව පවසා පුපුරැස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
නැවතත් ඔවුන් අතර ඊයේ (28) ගැටුමක් ඇති වී ඒ සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට බිරිඳ පොලිස් ස්ථානයට පැමිණ ඇත.
එහිදී පොලිසිය අසලට පැමිණි සැමියා වස පානය කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් ඔහුව වහාම ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
