කෝටි 6ක හෙරොයින් සහ මුදල් සමඟ පාතාල නායකයෙකුගේ ගෝලයෙක් ඇල්ලූ මෙහෙයුම. - (VIDEO)

Sri Lanka Police Drugs
By Wayomi Apr 11, 2024 02:42 AM GMT
Wayomi

Wayomi

Report

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1 ග්රෑම් 105 ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් ඊයේ(10) අත්අඩංගුවට ගැනුනා.

එහිදි සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 750,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන 'කෙසෙල්වත්ත දිනුකගේ' ගෝලයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් විදෙස්ගත අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් ලද උපදෙස් මත මත්ද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශ වෙත ගෙන ගොස් අලෙවිකරන්නන් වෙත ලබා දීම හා මුදල් හුවමාරු කිරීම සිදුකර ඇති අතර ඔහු අද(11) මාළිගාකන්ද අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 


.......................................................................

May you Like