විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් විධිමත් කරයි..

Sri Lanka
By krishani Jun 04, 2022 02:22 AM GMT
krishani

krishani

Report

ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන අතර එය සෑම මසකම 7 වන දින වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha