ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්?.
Sri Lanka
Russia
By krishani
මෙරට මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාව සමග ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ ඇති බව www.wionews.com වෙබ් අඩවිය සඳහන් කළේ ය.
ඒ රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් Rosatam ආයතනය සමගයි.
අදාළ වෙබ් අඩවිය සඳහන් කළේ, මෙවැනි බලාගාරයක් තිබීම හරහා බලශක්ති අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ජනිතා අබේවික්‍රම මහත්මිය ශාන්ත පීටර්ස්බර්ග් සංසදයට පවසා ඇති බවයි.
වැඩිදුරටත් wionews.com වෙබ් අඩවිය කියා සිටියේ, යෝජිත බලාගාරයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපසු ගැනීමට රුසියාව එකඟ වී ඇති බවයි.