දීර්ඝතම පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..
Ministry of Education
Sri Lankan Schools
Education
By Aruna
2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව, තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
රජයේ පාසල්වලට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙම නිවේදනය අදාළ වන බවයි පැවසෙන්නේ.
මීට අදාල නිවේදනය පහතින්,

